මෙන්න මේ අයට හන්තානෙන් ඉඩම් කට්ටි

Report

දිට්වා ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විටත් සිදු කරන ලදි. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ

එම කොට්ඨාසයේ නිවාස අහිමි වූ පවුල් 44ක් වෙත ඉඩම් ලබා දීම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කර ඇත තනුර දිසානායක, ඊ එම් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ඊට එක්ව තිබුණි .

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තාන ප්‍රදේශයේ ඉඩමකින් මෙම ඉඩම් කට්ටි තෝරාගෙන තිබුණා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ වන්දි මුදල් ද මොවුන්ට ලබා දීමට නියමිතව තිබේ .

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය පසුගියදා සිදු කරන ලදි ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විපතට පත් පවුල් 1596ක් හදුනාගෙන ඇත

. පූර්ණ හානි වූ නිවාස 771ක් ද ඒ අතර වේ තවද ඒ සදහා රුපියල් ලක්ෂ 50 බැගින් ප්‍රදානය කර තිබේ, පළමු නිවාස ආධාරය අසේල සම්පත් මහතා වෙත ප්‍රදානය කර තිබුණි   .

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය