රසවතුන්ගේ හිතට සුන් වූ පැතුම් තබා ලක්ෂ්මන් විජේසේකරගේ නිසල සිරුර නිවසට...සංවේදී සටහන් මුහුණු පොත පුරවයි..PHOTOS)
මෙරට කලා ක්ෂේත්රයට සුවිශේෂී මෙහෙවරක් කළ සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම වෙළඳ දැන්වීම් අධ්යෂකවරයෙකු ද වූ ලක්ෂ්මන් විජේසේකරගේ දේහය ගල්කිස්ස කලාපුර පිහිටි ඔහුගේ නිවසට අද දහවල් ගෙන එනු ලැබුවා.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මිය යන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියා. මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.
සඳ කිනිති නැමී, දැල්වූ පහන්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා, ඔබ මට තරුවකි ආදී ජනාදරයට පත්වූ ගීත රැසක් ඔහු ගායනා කළා. අභාවප්රාප්ත සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා අද ගල්කිස්ස කලාපුර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත යි.
විදෙස්ගතව සිටින නිළි සසන්ති ජයසේකර, ලක්ෂ්මන් විජේසේකරගේ වියෝව ගැන සටහන් තබා තිබුණේ ඉපැරණි ඡායාරූප කිහිපයක්ද එක් කරමින්.
"මගේ ආදරණීය ගුරුවරයා, මට වයස අවුරුදු 8දී ඔහුව හමුවුණේ. මට හමුවුණු ලස්සනම නිහතමානීම, මිහිමත පහළ වූ මනුෂ්යන්ගෙන් කෙනෙක්. දඟකාර තරුණියක්ව සිටි මාව හැසිරවිය හැකි එකම ගුරුවරයා වූයේ ද ඔබයි.. මගේ පුතාටත් ඔබේ අධ්යක්ෂණය යටතේ රඟපාන්න ලැබුණේ මාස තුනේදී. ඕනෑම රූපවාහිනි වැඩසටහනකදී ඔබේ නම සඳහන් කරන්න මම අමතක කරන් නෑ. මේ ක්ෂෙත්රයට එන්න, මට හයියක් වුණු අයගෙන් කෙනෙක් ඔබ.. ඔබ කවදාවත් මුදල් පසුපස හඹා ගිය කෙනෙක් නෙවෙයි. ඔබ ඉගැන්වූ දහසකුත් සිසුන් අතරින් වැඩියෙන්ම ඔබට අභියෝගයක් වෙන්න ඇත්තේ මාව. මාව දැක්කම ඔයාගේ මූණේ පුංචි හිනාවක් ආවා, මම නැඟිටින්න හදන්නේ කියලා... මට කියන්න තේරෙන් නෑ, මම ඔබට කොයි තරම් ගරු කරනවද ආදරේ කරනවද කියලා. ජීවිතයේ සෑම විටම මම ඔබව සිහිපත් කරමි. ඔබ නිවනින් සැනසේවා..!!"
මේ අතර දැනට කැනඩාවේ පදිංචිව සිටින නිළි ගයත්රි ඩයස් ද සංවේදීව සටහනක් තබා තිබුණා.
"සුභගමන් ලක්ෂ්මන් අයියේ... ගොඩාක් දුකයි! අක්කා එක්ක සතුටින් ඉන්න.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |