හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

Colombo University of Colombo Sri Lanka Sri Lankan political crisis
By Akash Mar 18, 2025 01:30 AM GMT
Akash

Akash

Report

ඛනිජ සම්පත් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් YOUTH OF CHENGE සංවිධානය අද (17) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා විශේෂ හෙලිදරව් කිහිපයක්ම සිදුකරනු ලැබිය.

නුගේගොඩ දී මෙම විශේෂ මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ එම සංවිධානයේ, සංවිධායක ලේකම් ළහිරු වීරසේකර මෙසේ පැවසිය.

" අපි අද මාධ්‍ය හමුව කැඳෙව්වේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය මගින් සිදුකරන බරපතළ දූෂණයක් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. මේකරුණු සම්බන්ධයි සමස්ත ජනතාවට අයිති ඛනිජ සම්පත් සම්බන්ධයෙන්. අපි දන්නවා මේ කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශය කියන්නේ. ඔවුන් මේ බලපත්‍ර හරහා විශාල ආදායමක් ලබනවා. අපිට පාසල්වල උගන්වන්නෙ ඛනිජ කියන්නේ සම්පතක් කියලා. ඒකට හේතුව ඛනිජ කියන්නෙ අවසන්වන දෙයක්. එය පුනර්ජනනීය නෑ. හැබැයි දැන් ඒ ඛනිජ සම්පත ජනතාවට අයිති නොවන දෙයක් කියලා හිතාගෙන තමයි භූ විද්‍යා හා පතල් කර්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ. අපි දන්නවා මේ සියලු ඛනිජ ද්‍රව්‍ය අපිට හම්බ වෙන්නේ පරිසර පද්ධතිය තුලින්. එනිසා මොනයම් හෝ සමාගමකට අදාල ඛනිජ ද්‍රව්‍ය කැණීම් කරද්දි පරිසර තක්සේරුවක් අනිවාර්‍යයි. ඊලඟට ජන ජීවිතයට වන බලපෑම ගැන තක්සේරුවක් අවශ්‍යයි. හැබැයි දැන් බලපත්‍ර නිකුත් කිරීමේදී මේ කාර්‍යයන් විනිවිද භාවයකින් තොරව තමයි කටයුතු කරමින් ඉන්නේ. උසාවියේ නඩු තීන්දුවක් පවා තියනවා මේ ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්තියට පටහැනිව බලපත්‍ර නිකුත් කරල කියලා.

ReeCha