ලග්නය අනුව ආදරේ වැඩිවන දිනයක්..ප්‍රේම සබඳතා පවත්වන අයට කියපු දේ බලන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Sep 12, 2024 11:39 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ක්‍රියාශීලීයි. තම අරමුණ තරමක් හෝ ජයගනී. ආගමික වතාවත්වලට ගරු කරන අතර ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. උත්සව සාද මහජන ප්‍රසාද දෙන ක්‍රියා ආදියෙහි යෙදේ. පාද ආබාධ, ස්නායු රෝග මතුවේ.

🔴 වෘෂභ ලග්නය

දුරගමන් වන්දනා ගමන් යෙදේ. මහජන ප්‍රසාදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර පොදු සේවා ක්‍රියාවන්හි ද යෙදේ. දේපළ පිළිබඳ පැවති ගැටලු යහපත් ලෙස විසඳෙයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

🔴 මිථුන ලග්නය

ගමන් බිමන් බහුල වන අතර නිෂ්ඵල ගමන් ද යෙදේ. වැයපස ඉහළ යන කරුණු ද යෙදේ. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. නොකළ වැරදිවලට චෝදනා එල්ලවීමට ඉඩ තිබේ. බුද්ධිමත් විය යුතුය. ස්නායුගත රෝග මතුවේ.

🔴 කටක ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියා ද යෙදේ. ආගමික උත්සව සංවිධානයට සහභාගිවීමට ආදියට හේතුයි. සිරසගත රෝග, උගුර ආශ්‍රිත රෝග මතු කරයි.

🔴 සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. තරමක් ආවේගශීලීව ක්‍රියාකරයි. යටපත්වූ සතුරු බලපෑම් යළි ඉස්මතු වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

🔴 කන්‍යා ලග්නය

ශුභවාදී ඵල මතුකරයි. නව නිර්මාණකරණයට ශුභයි. දුරගමන්, විදෙස් ගමන් වැනි දේවලට හේතුයි. තම ව්‍යාපාරවල තත්ත්වය පහත වැටේ. තරමක් කලකිරුණ ස්වරූපයක් ගෙනදෙයි. ආමාශගත රෝගවලට හේතුයි.

🔴 තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. ප්‍රබෝධවත්ව රැකියාවන්හි යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් වර්ධනය වෙයි. සෙම් රෝගවලට හේතුයි.

🔴 වෘශ්චික ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. අලංකාර කරණයට වැයපස ඉහළ යයි. රැකියා ස්ථානවල චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි රෝගවලට හසුවෙයි. ශල්‍යකර්ම වැනි දේ යෙදේ.

🔴 ධනු ලග්නය

ශුභාශුභ ඵල මතුකරයි. කෙටි ගමන් බිමන්වලට හේතුයි. මිතුරු බලපෑම්වලට හේතු බැවින් ක්‍රියාකාරකම්වලදී බුද්ධිමත්වීමද මැනවි. වැය පසද තරමක් ඉහළ යන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.

🔴 මකර ලග්නය

ශුභාශුභ ඵල ගෙනදෙයි. තරමක් කලකිරීම් මතු කරයි. ආවේගශීලී ගති මතුවෙයි. මිතුරන් දුරස් කරවන ක්‍රියාවලට හේතු බැවින් ඉවසීම මැනවි. හදිසි ලාභ ගෙනදෙයි. සන්ධි ප්‍රදාහ මතු කරයි.

🔴 කුම්භ ලග්නය

සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. රැකියාවලදී තරමක් සිත් චංචල කරවයි. තම ඥති මිත්‍රාදීන් වෙනුවෙන් කාලය හා ධනය වැය කරයි. අවිවේකී බවද ගෙනදෙයි. හදිසි ධන ලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.

🔴 මීන ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවලදී ප්‍රබෝධයෙන් ක්‍රියාකරයි. තම ව්‍යාපාර ද තරමක් දියුණුවට පත්වන අතර ඇසුරු කරන්නන්ගේ උදව් උපකාර ද ලබන දිනකි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි.