අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක්..විශේෂයෙන් මේ ලග්නවලට..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Aug 25, 2024 11:58 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

අවිවේකී දිනකි. රාජකාරිද තරමක් බහුල දිනකි. එම නිසාම අතපසුවීම් ඇතිවෙයි. ක්‍රියාකාරකම්, විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් විනෝදජනක ක්‍රියාකාරකම්ද යෙදේ. සිරසගත රෝග, හෘද ආබාධ මතුවේ.

🔴 වෘෂභ ලග්නය

රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. පොදුජන සේවා, මහජන සබඳතා වැනි දේවල්වල යෙදේ. අවිවේකී බවක් මතු කරයි. තරමක් වැයපස ද ඉහළ යන අතර නවක සබඳතාද වර්ධනය වේ. සන්ධි ඉදිමුම්, නහර වේදනා මතුවේ.

🔴 මිථුන ලග්න

ය ගමන් බිමන් තරමක් බහුලවේ. උත්සව සාද වැනි දේවල්ද යෙදේ. නවක වැඩ ඇරඹීමට ශුභයි. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යයි. තම ඥාතීන් නිසා වැයපස ද තරමක් ඉහළ යයි. මුත්‍රාරෝග ආසාදන මතු කරයි.

🔴 කටක ලග්නය

රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුලවේ. මහජන සබඳතා ක්‍රියාවන් යෙදේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. තරමක් විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. මිල මුදල් ද වැය කරයි. හදිසි ලාභ ලබයි. සෙම් බහුල රෝග මතු කරයි.

🔴 සිංහ ලග්න

ය ශුභාශුභ ඵල ගෙන දෙයි. තරමක් වෙහෙසව කටයුතුවල යෙදේ. නිවාස අලුත්වැඩියා, නව නිර්මාණ ආදිය සිදු කරයි. මනස චංචල කරවන ප්‍රශ්නද පැනනඟී. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන මතුවේ.

🔴 කන්‍යා ලග්නය

ගමන් බිමන් බහුල වෙයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හි යොමු වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. සිරසගත රෝග ද මතු කරයි.

🔴 තුලා ලග්නය

තරමක් අවිවේකී දිනකි. නව බඩු බාහිරාදිය මිලට ගැනීමට හේතුයි. ඇඳුම් පැලඳුම් වැනි දේට ද වැයපස ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජයදෙයි. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. අමතර ලාභ ලබන දිනකි. පෙණහලු ආසාදන රෝගවලට හේතුයි.

🔴 වෘශ්චික ලග්නය

අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. දුර ගමන් බිමන් ද යෙදෙන අතර නිවාස අලුත්වැඩියා වලටද හේතුයි. අලංකාර කටයුතු, ඇඳුම් පැලඳුම් වැනි දේට මිල මුදල් වැය කරයි. නවක මිතුදම් යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

🔴 ධනු ලග්නය

තෘප්තිමත්ව දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපීපෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන්ද යෙදේ. ප්‍රීති සාදවලට යොමු වෙයි. ජන ප්‍රසාදයට පත්වෙයි. හදිසි ධන ලාභ ද ලබන දිනකි. මානසික රෝග මතු කරයි.

🔴 මකර ලග්නය

දූරදර්ශීව ක්‍රියා කරන දිනකි. රාජකාරි වලදී ප්‍රසාදය දිනයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සභාවේ දිනයි. තරමක් වගකීම් බහුල දිනකි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ශුභයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

🔴 කුම්භ ලග්නය

තරමක් කලබලකාරී ස්වරූපයක් ඇති කරයි. රාජකාරි බහුලතාවයට පත්වෙයි. ප්‍රීති සාද සුහදතා වර්ධන ක්‍රියා ආදියහි යෙදේ. මිතුරුදම් සමීපවෙයි. ප්‍රේම සබඳතා ද වර්ධනය වන දිනකි. ස්නායුගත රෝග වාත රෝග මතු කරයි.

🔴 මීන ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බාධා ඉවත් වෙයි. ලිපි ලේඛනවලින් ජය ගෙන දෙයි. සෙම් රෝග, පෙණහලු ආසාදන මතුවේ.