අද ලග්න කිහිපයකට මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ඇති වෙයි..පරිස්සම් වන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 09, 2023 11:16 PM GMT
Aruna

Aruna

Report

මේෂ ලග්නය

තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. රාජකාරිය ද බහුල වෙයි. තම ක්‍රියාවන් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන්. වාද විවාදවලට සුදුසු දිනක් නොවේ. ස්නායු රෝග, ප්‍රමේහ රෝග මතුවේ

වෘෂභ ලග්නය

තරමක් වගකීම් බහුල වෙයි. ක්‍රියාකාරකම්වලදී ඉතා බුද්ධිමත් විය යුත්තේ නැති සතුරන් ඇති වීමට ද අවකාශ ඇති බැවිනි. අන් අයගේ උපදෙස් මත තීරණ ගැනීම ඉතා හොඳයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.

මිථුන ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙනදෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අන් අයගෙන් උපදෙස් ද උපකාර ද ලබයි. නව වැඩකටයුතු ඇරඹීමට හොඳයි. තරමක් වියපැහැදම් වැඩිවන දිනකි. වාතාධික රෝග, සෙම් රෝග මතුකරයි.

කටක ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තම අරමුණු තරමක් ජය ගනී. විදෙස් රැකියා සඳහා අවශ්‍ය මූලික කටයුතු ඉටුකර ගනී. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර වියපැහැදම් අධිකයි. සිරසගත රෝග ද වරින්වර මතුවේ.

සිංහ ලග්නය

කෙටි ගමන් බිමන් සහ දුර ගමන් ද යෙදේ. විනෝදජනක ක්‍රියාවන් සඳහා යොමුවෙයි. නිවාස අලංකාරකරණයට ද හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. හදිසි ලාභ දෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

කන්‍යා ලග්නය

ක්‍රියාශීලී දිනකි. දවසේ ක්‍රියාකාරකම්වලින් ජය ගෙනදෙයි. අලංකාර කටයුතු, ඇඳුම් පැළඳුම් ආදියෙහි වැයපස ඉහළ යයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ජය දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

තුලා ලග්නය

කලබලකාරී දිනකි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වේ. ක්‍රියාකාරකම්වලදී වාද භේද ශුභවාදී නොවේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ආමාශගත රෝග මතුවේ.

වෘශ්චික ලග්නය

තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. අලංකාර දේවල්, බඩු භාණ්ඩ ආදියටත් වැයපස ඉහළ යයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද වැයපස ඉහළ යයි. සිරසගත රෝග ද මතුකරවන දිනකි.

ධනු ලග්නය

කලබලකාරී ගති මතුකරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතුකරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.

මකර ලග්නය

අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියාකරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම්කෝප රෝග මතුකරවයි. තනතුරු ලාභ, වරප්‍රසාද ලබන දිනකි.

කුම්භ ලග්නය

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමඟ සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතුවේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.

මීන ලග්නය

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත මතුවේ. දහමට ද ළැදිව ක්‍රියාකරයි.

ReeCha