"..බේරා ගත් ලාංකිකයෝ 303 අතර නැවේ කපිතාන් නෑ.." ලාංකිකයන් කපිතාන් ගැන හෙළි කළ දේ..
"ලේඩි ආර්3" නෞකාවේ සිට මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා අතර එම නැවේ කපිතාන්වරයා නොමැති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.
නැවේ ඇති වූ දෝෂය හේතුවෙන් මුහුදේ පාවෙමින් තිබියදී කපිතාන්වරයා පිටව ගිය බවත් ඔහු නැවත නොපැමිණි බවත් බේරගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව වියට්නාම මාධ්‍ය පැවසුවේය.
මේ බව වියට්නාම බලධාරීන්ද තහවුරු කර ඇති අතර කපිතාන්වරයා සම්බන්ධව පරීක්ෂණයක් ද ආරම්භ කරන බව වියට්නාම බලධාරීන් ප්‍රකාශ කර ඇත.
වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ගිලෙමින් තිබූ 'ලේඩි ආර් 3' නැවේ ගමන් ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු පසුගිය දා බේරා ගන්නා ලදි.
වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබු අතර ඒ අනුව අදාළ යාත්‍රාව අසලින් ගමන් කරමින් තිබු ජපානයට අයත් නෞකාවක් විසින් ලාංකිකයින් මුදාගෙන තිබුණි.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ යාත්‍රාවේ කාර්මික දෝෂය හටගත් අවස්ථාවේ යාත්‍රාවේ සේවකයින් පිරිස ඉන් පළාගොස් ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
