මාව පුච්චන්න එපා.. නිවසක මිය ගොස් සිටි කාන්තාව අවසානයට කියු කතාව හෙළි වෙයි.

By Sewvandhi Oct 19, 2021 09:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රඹුක්කන, හිරිවඩුන්න, පිටිවල ප්‍රදේශයේ නිවසක විසු ජර්මන් ජාතික 65 හැවිරිදි කාන්තාවක පසුගිය 15 වැනිදා නිදි යහනේදීම මියගොස් ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. ඇය එම නිවසේ බදු කුලී පදනම මත වසර 4ක් ජීවත්ව සිට ඇත.

මෙම කාන්තාව සුරතල් සුනඛයන් ඇතිකර ඇති අතර, ඇයගේ එම කටයුතු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියකුද සහාය වී ඇත. එම පුද්ගලයා 15 වැනිදා ඇයගේ නිවසට පැමිණ කථා කළ ද කාන්තාව අවදී වී නොමැති අතර, වැඩිදුර සොයාබැලීමේදී ඇය මියගොස් ඇති බව වැටහි තිබේ.

අනතුරුව ඔහු මේ බව රඹුක්කන පොලිසියට දැනුම් දී ඇත. රඹුක්කන පොලිසිය හා කෑගල්ල පොලිස් කොට්ඨාස ස්ථානීය පරීක්ෂණගාරයේ නිලධාරින් විසින් විමර්ශන සිදුකර ඇති අතර, ඇයගේ ඇඳ පාමුල තිබී ඖෂධ වර්ග කිහිපයක්ද ඔවුන් සොයාගෙන තිබේ.

මරණාකාරිය ලියූ ලිපියක් සහ රුපියල් හාරලක්ෂ අසූපන්දහසකද මුදලක්ද සොයාගෙන ඇත. එහි සඳහන්ව තිබී ඇත්තේ එම මුදලින් සිය සුනඛයන්ව නඩත්තු කරන ලෙසයි.

තවද, තමා කතෝලික භක්තිකයකු බැවින් සිරුර නොපුලුස්සන ලෙසද ඇය එමගින් ඉල්ලා ඇත. ඇගේ මරණය සියදිවිනසාගැනීමක් යයි සැක මත පරීක්ෂණ සිදුවේ.

(සාලියගමසිංහ ආරච්චි- කෑගල්ල)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now