මෙරට එන්නත් වර්ගයක හිඟයක් - රෝගයක් පැතිරීමේ අවදානමක්?..
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
මෙරට විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් වාර්තා වන්නේ විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත් වී ඇති බවයි.
වෛද්‍යවරුන් සඳහන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට මෙම එන්නත නොමැති බවයි.
ඒ හේතුවෙන් කහ උණ පැතිර යාමේ අවදානමක් ද මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් වේ.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුවයි.
