මුත්‍රා සමග ලේ ගිය දරුවා කාපු අමුතුම පලා මැල්ලුම..ඔබටත් මේ දේ වෙන්න පුලුවන්.(PHOTO).

Sri Lanka
By Aruna Aug 24, 2022 05:48 AM GMT
Aruna

Aruna

Report

"දැන් අපේ කුඩා දරුවාට කොහොමද මේක වුනේ? ඔහු ලගකදි කිසිම බෙහෙතක් බීල තිබුනේ නැහැ.

ඒ නිසා අපි ඔහුගේ කෑම ගැන දැඩි අවධානයක් යොමුකලා..

එවිට අපිට ඉතාමත් අපූරු කාරණාවක් එකිකරගන්න හැකිවුණා .

ඒ තමයි මේ දරුවා ලග ලග වේල් දෙකකටම ම්ශ්‍ර පළා මැල්ලුමක් ආහාරයට අරගෙන තිබුනා..

මොනවද දන්නවද එයාගෙ අම්ම ඒකට වෙනද දීල නැති දේකට එකතුකරල තිබුනේ ..කුප්පමේනියා!!!

ඉතින් මේ කුප්පමේනියාවල තියනව අර රතුරුධිරාණු බිදීයාමකට ලක්කළ හැකි සංයෝගයක්....."

දෙමාපියන් හැටියට දරුවන්ට දියයුතු කෑම වර්ග ගැන වඩාත් සැලකිලිමත් වෙන්න අත්‍යාවශ්‍යයි.

එහෙම නොවන තැන දරුවන්ට ඇතිවන රෝග පිළිබඳව ලැබෙන අත්දැකීම් වඩාත් භයානක වියහැකියි.

වෛද්‍යවරයෙක් තැබූ මේ සටහනත් ඊට සාක්ෂි සපයනවා. "කුප්පමේනියා මැල්ලුමක් කළ හදියක්.....

මීට දින කීපයකට කළින් ළමා වාට්ටුවට ඇතුළු වුන අවුරුදු 3 ක කුඩා දරුවෙක් , රෝහල්ගතකිරීමට හේතුව මේ දරුවා එදින සවස මුත්‍රා කරල තියෙන්නෙ මෙන්න මේ චායාරූපයේ තියන තද රතු පැහැයට. ( මේ තියෙන්නෙ පැය කීපයකට පසුව අපි වාට්ටුවේදි ඔහුගෙන් ලබාගත් මුත්‍රා සාම්පලය )

මෙයාට වෙන කිසිම රෝග ලක්ශනයක් නැහැ. වේදනාවක්, උණක් හෝ මුත්‍රා දැවිල්ලක් වැනි කිසිම දෙයක් නැහැ.

සාමාන්‍යයෙන් අපි මේ සංසිද්ධිය වෛද්‍යවිද්‍යාවෙදි හදුන්වන්නෙ painless haematurea / macroscopic haematurea කියලයි.

මේකට හේතු කීපයක් තියෙන්න පුලුවන්. මුත්‍රා ආසාදන, මුත්‍රා ගල්, වගේම රුධිරය සහ වකුගඩු ආශ්‍රිත විවිධ රෝගත් මේ සදහා බලපානව.

නමුත් මේ දරුවාට ඒ කිසිම රෝග ලක්ශනයක් නොතිබූ නිසා අපගේ අවධාරණය යොමුවුනේ ඔහුගේ රුධිරය සම්බන්ධයවයි.

ඒ තමයි ඉතාමත් කළාතුරකින් ඇතිවන G6PD Deficiency කියන රෝගය.

මෙහිදී සිදුවන්නේ අපගේ රුරයේ ඇති රතුරුධිරාණු සෛල බිදීයාමෙන් වලක්වා ගැනීමට ඇති එන්සයිමයක් වන G6PD එන්සයිමය උපතින්ම නොමැති වීමයි.

එවැනි රෝගීන්ට යම්කිසි විදියකින් රතුරුධිරාණු විනාශ කල හැකි ද්‍රව්‍යක් ශරීරගත වුවොත් ඔවුන්ගේ රුධිර සෛල බිදීයාම වේගවත් වී වකුගඩු තුළින් බිදීගිය රක්තාණු මේ විදියට ඉතා වේගයෙන් ඉවත්වී මුත්‍රා සමග පිටවෙනව.

මේ ක්‍රියාවලිය අපි Haemolysis කියල හදුන්වනව. ඉතින් මේ වගේ අපිට පිටතින් ශරීරගත වෙන්න පුලුවන් වර්ග කීපයක් තියනව මේ සංසිද්ධිය ඇතිකල හැකි.

ඒව තමයි ඇස්පිරින් වැනි බෙහෙත් , සහ යම් යම් කෑම වර්ග. තව වැදගත් දෙයක් තමයි මේ රෝග තත්ත්වය ඔබට තියෙනව කියල හදුනගන්න පුලුවන් වෙන්නේ මේ වගේ දෙයක් ඔබේ සිරුරට ඇතුළු වුවොත් පමණයි.

එසේ නොමැතිව ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ.

මේ රෝගය ප්‍රවේණිගත රෝගයක් . ( පරම්පරාගත) පිරිමින්ට පමනයි හැදෙන්නේ . (ඉතාමත් කළාතුරකින් ගැහැණුන්ට )( X link recessive ).

දැන් අපේ කුඩා දරුවාට කොහොමද මේක වුනේ?

ඔහු ලගකදි කිසිම බෙහෙතක් බීල තිබුනේ නැහැ. ඒ නිසා අපි ඔහුගේ කෑම ගැන දැඩි අවධානයක් යොමුකලා..

එවිට අපිට ඉතාමත් අපූරු කාරණාවක් එකිකරගන්න හැකිවුණා .

ඒ තමයි මේ දරුවා ලග ලග වේල් දෙකකටම ම්ශ්‍ර පළා මැල්ලුමක් ආහාරයට අරගෙන තිබුනා..

මොනවද දන්නවද එයාගෙ අම්ම ඒකට වෙනද දීල නැති දේකට එකතුකරල තිබුනේ ..කුප්පමේනියා!!!

ඉතින් මේ කුප්පමේනියාවල තියනව අර රතුරුධිරාණු බිදීයාමකට ලක්කළ හැකි සංයෝගයක්.

ඒ නිසා තමයි මේ දරුවාට මේ විදියට තද රතුපැහැති මුත්‍රා පිටවුනේ..

මේක ඔවුන්ගේ දෙමව්පියන් භීතියෙන් භීතියට පත්කළා..

අපි කල ක්ෂණික රසායණාගාර රුධිර පරීක්ෂණයකින් රෝගය තහවුරු කරගෙන , ඒ වෙනකොටත් ඔහුගේ රුධිර හිමොග්ලොබින් මට්ටම ඉතා අඩුමට්ටමක තිබූ නිසා ඔහුට රුධිරය ලබා දීමත්, හුස්ම ගැනීම පහුසු කිරීමට ඔක්සිජන් ලබාදීමත් සිදුකලා.

දැන් දරුවා කෙමෙන් කෙමෙන් සුව වෙමින් පවතිනව. (මොහුට ඇතිවූ තත්ත්වය haemolytic anaemia සහ hypoxia ලෙස අපි හදුන්වනව. )

ඉතින් මෙවැනි නොසිතූ දේවල් අපිට ඕනෑම වෙලාවක වෙන්න පුලුවන්. මොකද අපි දන්නෙ නැහැ අපේ ඇග ඇතුලෙ මොන මොන දේවල් තියනවද? වෙනවද කියල ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery
ReeCha