අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක් අතවරයට ලක්කිරීමේ සිද්ධිය පිළිබඳව නැවත ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන මෙන් සැකකාර හිටපු යුද හමුදා සෙබළා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ නඩුව කැඳවු අවස්ථාවේ සැකකරුගේ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළ බව සඳහන්.
මෙසේ නැවත ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන මෙන් සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටි විට ඊට ප්‍රතිචාර වශයෙන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ. සී. දයානන්ද මහතා සඳහන් කළේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදා ගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සහ දරන බවයි.
එසේම උප පොලිස් පරීක්ෂකවරයා කියා ඇත්තේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකොට ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගෙන වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු වේතනාන්විතවම උත්සාහ දරමින් සිටින බවයි.
මින් පෙරද අඳාළ සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව ද ඔහු කියා ඇත. එනිසා උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන්, අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශවලට ඉඩ ලබා නොදෙන මෙන් ඉල්ලා සිටි බව පවසයි.
එමෙන්ම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත්තේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලීසිය සොයා ගත් වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එසේම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා සෙබළා ජූලි මස 29 වන දින තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මීට අමතරව සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඩී. එන්. ඒ පරීක්ෂණයකට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට මීට පෙර නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණය වෙත කරුණු දක්වමින් පොලීසිය සඳහන් කළේ මෙම අපරාධය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි.

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්
