අද කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු තාවකාලිකව ඇණහිටියි
අද (16) පෙරවරු 10.00ට පමණ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ඇණහිට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා ඇත්තේ තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System - OMS) අසාර්ථක වීම නිසා මෙසේ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
එසේම පෙරවරු 10:40 ට දෛනික ගනුදෙනු යළිත් වරක් ආරම්භ කිරීමට නියමිත බව කොටස් වෙළෙඳපොළ තවදුරටත් පවසා ඇත.