නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

Report

ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා මහත්මිය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ගැටකපන්නෙක්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය වෛද්‍යවරයෙක් හමුවීමට විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටින අතාරතුරදී එහි පැවති අධික තදබදය ප්‍රයෝජනයට ගත් අයෙක් ඊයේ (15) දිනයේදී ඇයගේ අත්බෑගය සූක්ෂම ආකාරයෙන් විවෘත කර මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන ඇති බව සඳහන්.

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

සිනමා නිළි රැජිණිය ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය වන ඇය සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාව වේ.

සොරකම් කරන ලද මුදල් සහ බැංකු කාඩ්පත්වලට අමතරව ඇයගේ ජාතික හැඳුනුම්පතද අත්බෑගය තුළ තිබී ඇති බව පවසයි.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්සේකා මහත්මිය කියා ඇත්තේ, ජාතික රෝහල වැනි ඉහළ ආරක්ෂාවක් ඇතැයි සැලකෙන ස්ථානයක මෙවැනි සොරකම් සිදුවීම පිළිබඳව බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවයි.

එසේම ඇය අවධාරණය කළේ ශල්‍යකර්ම වැනි අවශ්‍යතා සඳහා තම කනකර පවා උගස් කර දුක් මහන්සියෙන් මුදල් රැගෙන එන අසරණ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රෝහල් බලධාරීන්ට සෘජු වගකීමක් ඇති බවයි.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී