ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී[PHOTOS]

Report

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් උපතින් පුරුෂයෙක් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය යූටියුබ් ක්‍රියාකාරිනියන් දෙදෙනෙක්ට විරුද්ධව එරට ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාන්තාවන් සඳහන් කර ඇත්තේ බ්‍රිජිට් මැක්‍රොන් ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් පසු ජනාධිපතිවරයා සමග විවාහ වී ඇති බවයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

2021 දෙසැම්බර් මස අමන්ඩින් රෝයි නම් යූටියුබ් ක්‍රියාකාරිනිය නටාෂා රේ නම් මාධ්‍යවේදිනියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී නටාෂා රේ ප්‍රකාශ කළේ බ්‍රිජිට් යනු සැබවින්ම කාන්තාවක් නොව ‘ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස්’ නම් වූ පුරුෂයෙක් බවයි.

මෙහිදී විස්ගේෂත්වය වූයේ ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස් යනු බ්‍රිජිට් මැක්‍රොන්ගේම සහෝදරයාගේ නම වීමයි.

ඒ අනුව මෙම චෝදනාවලට විරුද්ධව බ්‍රිජිට් මැක්‍රොන් පැරිස් අධිකරණයක නඩු පැවරූ අතර 2023 සැප්තැම්බර් මාසයේදී අඳාළ කාන්තාවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කර තිබෙන බව සඳහන්.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

එසේම බ්‍රිජිට් මැක්‍රොන්ට සහ ඇගේ සහෝදරයාට වන්දියක් ගෙවන ලෙසද නියෝග කර ඇත.

එහෙත් පැරිස් අභියාචනාධිකරණයක් එම තීන්දුව මේ වසරේ ජූලි 10 වන දින අවලංගු කර ඇත.

එනිසා එම තීන්දුවට විරුද්ධව බ්‍රිජිට් මැක්‍රොන් සහ ඇගේ සහෝදරයා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙය ඇමරිකාව තුළද වේගයෙන් පැතිරුණ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදී මාධ්‍යවේදීන් වන කැන්ඩේස් ඕවන්ස් සහ ටකර් කාල්සන් එයට විශාල ප්‍රචාරයක් ලබා දුන් බව වාර්තා වේ.

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි

ඔවුන් මෙය මානව ඉතිහාසයේ විශාලතම දේශපාලන අපවාදය බව කියා ඇත.

ඕවන්ස් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිජිට් සහ ඇගේ සහෝදරයා යනු එකම පුද්ගලයෙක් බවත්, ඇය සිය වෘත්තීය ගෞරවය පරදුවට තබා එය ඔප්පු කරන බවත් ය.

මේ අතර මෙම ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ බ්‍රිජිට් මැක්‍රොන්ගේ නීති කණ්ඩායම ඕවන්ස්ට නීතිමය දැනුම්දීමක් ලබා දෙමින් සඳහන් කළේ බ්‍රිජිට් මැක්‍රොන් තම කාන්තාභාවය කිසිවෙකුට ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බවත්, ඕවන්ස්ගේ හැසිරීම අපහාසාත්මක බවත්ය.

එහෙත් ඕවන්ස් විසින් එම ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඉවත් නොවී "Becoming Brigitte" නමින් යූටියුබ් වීඩියෝ මාලාවක් පවා පවත්වාගෙන ගොස් ඇති බව පවසයි.  

ලාංකික තරුණියන්ට ජපානයෙන් රන් අවස්ථාවක් – විදේශ රැකියා දොරටු විවෘත වෙයි

ලාංකික තරුණියන්ට ජපානයෙන් රන් අවස්ථාවක් – විදේශ රැකියා දොරටු විවෘත වෙයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery