ගැටුම නිසා අග්නිදිග සරසවි විභාගයත් කල් ගිහින්

Report

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ (15) දින අලුයම ඇති වූ ගැටුමත් සමග අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා ඇත්තේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ඊයේ රාත්‍රියේ 08ට පෙර නේවාසිකාගාරවලින් පිටව යන ලෙස දැනුම් දුන් බවයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

එසේම මෙම ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා ඇති බව සඳහන්.

මෙම ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් හරහා පොලිසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ගැටුමෙන් තුවාල ලැබූ එම සරසවියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලීසිය පැවසුවේ ගැටුමෙන් සිසුන් 04 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ අතර ඔවුන් රෝහලට ගෙන යාමට පැමිණි ගිලන් රථ රියදුරාට ද ප්‍රහාරයක් එල්ලවීමෙන් ඔහුට ද තුවාල වී ඇති බවයි.

ඒ අනුව තුවාල ලැබූවන් අක්කරෙයිපත්තුව මූලික රෝහලට සහ ඔලු‍විල් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

කෙසේ වෙතත් මෙයට මින් පෙර සිදුවූ නවක වද සිදුවීමක් හේතු වී ඇති බව පොලිසිය සදහන් කරයි.

අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ බරපතළ ලෙස නවක වදය ක්‍රියාත්මක වන බව එහි පළමු වසරේ සිසුන් පිරිසක් ඉකුත් දා හෙළි කළ අතර ඊට අදාළ වීඩියෝ ද ඔවුන් මුදාහැර තිබුණා.

ඒ අනුව අඳාළ වීඩියෝ තුළ සරසවි මැදුර බෝයිස්විලා ටූ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තුන්වැනි වසරේ සිසුන් කණ්ඩායමක් එහි සිටි පළමු වසරේ සිසුන් පිරිසක් නවක වදයට ලක් කරන ආකාරය දැක්වුණා.

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි

එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත්දා සිසුන් 22 දෙනෙක්ගේ පන්ති තහනම් කර තිබෙනවා.

එසේම ඊට අදාළව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුන් 12 දෙනෙක් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

ඊයේ අලු‍යම සිදුවූ ගැටුමට ද මෙම සිදුවීම මුල් වී ඇති බවට සැකකෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බව සඳහන්.

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්