ෆොන්සේකාට එරෙහි බෝම්බ ප්‍රහාර නඩුව කල් යයි
ඉකුත් 2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හරහා ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය 2025 අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී, අද දින සාක්ෂි ලබාදීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2025 අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට නියෝග කළාය.
2006 අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හරහා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27ක් යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ, නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
