මම මේ සියලු දෙනා නීතියට ගේනවා බේරීමක් නෑ ජනපතිතුමනි උදව් කරන්න - රංගන ශිල්පී කුමාර තිරිමාදුරගෙන් සැර ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙකු වන කුමාර තිරිමාදුර ගැන මේ දිනවල සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
සඳහන් වෙන ආකාරයට ඔහුගේ චරිතයට හානි කරන ආකාරයට AI තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතින බවට ඔහු විසින් චෝදනා සිදු කරනවා.
මේ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරමින්, ඔහු සඳහන් කළේ,එවැනි පුද්ගලයන්ට විරුද්ධව ඔහු නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බවත්ය.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔහු ඉල්ලීමක් කර තිබෙනුවේ අදාළ පුද්ගලයන් සොයා නිසි දඬුවම් ලබාදෙන ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,
"මම යූටියුබ් චැනල් බලන්නේ නැහැ අපේ දුවෙක් කිව්වේ මෙන්න මෙහෙම එකක් තියනවා කියලා මට පෙන්නුවා ඒක. මට අපහාස කරලා එකක් දාලා තියනවා මම මැරුණා වගේ දැන් ඉස්පිරිතාලේ ඉන්නවා වගේ, මම දන්නේ නැහැ ඔය තාක්ෂණ AI ද මොකක් ද එකකින් හදලා දාලා, මම යුටියුබ් චැනල්වල නංගිලා මල්ලිලාට එදා ඉඳන් කිව්වා මම වැරදි වැඩ කරලා නෑ. මාත් එක්ක සෙල්ලං කරන්න එපා කියලා. ඕගොල්ලෝ ලොකු වැරැද්දකට අහුවුණා. මේකෙදී නම් ඔයගොල්ලොන්ට බේරෙන්න හම්බවෙන්නේ නැහැ. මං වගේ කෙනෙක්ටත් අපහාස කරනවා නම් ඒගොලොන්ට ඉඩ දෙන්නේ නැහැ. මම අනුර කුමාර සහෝදරයට කියනවා ජනාධිපතිතුමාට මට මේක හොයලා දෙන්න. මොකද මම රට වෙනුවෙන් දේවල් කරපු කෙනෙක්. මම රටට ඩොලර් ගෙනාපු කෙනෙක් මට අපහාස කරන්න කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. උසාව්යයට ආවට මට ලෝයස්ලාවත් ඕන නෑ නඩුකාර හාමුදුරුවන්ට මම තනියම කතා කරලා කියනවා මේ කරලා තියෙන්නේ වැරදි වැඩක් කියලා. අනිවාර්යෙන්ම මම ඕගොල්ලොන්ව උසාවියට ගේනවා පුතේ "