දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ කළ නරුම පියාට සිදු වූ දේ - සංවේදී වීඩියෝ සහිතයි...(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Aug 13, 2022 12:19 PM GMT
Sithumi

Sithumi

Report

තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය. බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා ඔහු විසින් එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබේ. සිද්ධියට මුහුණ දුන් කිසිවක් නොදන්නා 05 හැවිරිදි දරුවා මරණ බියෙන් කෑගසද්දී පියා විසින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අනාවරණයවීමෙන් පසු කුලියාපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවය. පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW