කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ තරුෂ පොලිසියෙන් ලොකු තෑග්ගක්. - (UPDATE/VIDEO)
By Wayomi
පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වූ අතර අනතුරුව පොලිසිය සිදු කළ මෙහෙයුමකින් පසුව කුකුල් චමින්ද නමැත්තෙක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුනා.
එලෙස ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.
එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනමනු ලැබුවා.
ඔහු ගේ එම වීඩියෝ ව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහුව ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවනවා.