ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

Sri Lanka Police Sri Lankan Schools School Children Teachers
By Wayomi Jun 11, 2024 01:20 PM GMT
Wayomi

Wayomi

Report

පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතාගේ නියෝගයකට අනුවයි.

එමෙන්ම වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් ද නියම කර තිබෙනවා.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


මෙම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිසේ අවවාද කිරීමට ද මහේස්ත්‍රාත් නියෝග කර ඇත.

මේ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ, මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.


ඇය සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවා ඇති බවත්, සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ නිරුවත් දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.

පොලිස් නිලධාරීන් ඇතුළු ඔත්තුකරුවන් 15කට රු. දෙකෝටි තිස්පන්ලක්ෂයක්.

පොලිස් නිලධාරීන් ඇතුළු ඔත්තුකරුවන් 15කට රු. දෙකෝටි තිස්පන්ලක්ෂයක්.