රට තුළ සුනඛයින් ලක්ෂ 32ක් - අමාත්‍යවරයා හෙළිකළ දත්ත මෙන්න

Report

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ රට තුළ සුනඛයින් ලක්ෂ 32ක් පමණ සිටින බවයි. ඔහු කියා සිටියේ මෙරට සෑම පුද්ගලයින් 07 දෙනෙකුට එක් සුනඛයෙකු බැගින් සිටින බවයි.

"ජලභීතිකාව රෝගයේදී මේකෙදි වැඩිම මේ රෝගය ව්‍යාප්ත කරන සත්තු තමයි ඇත්තටම සුනඛයෝ. 95%ක විතරම මේ ලෙඩේ බෝවෙන්නේ සුනඛයන්ගෙන්. ඉතින් ඒ පරිසරය ඇතුලේ තමයි අපි මේක විග්‍රහ කරගන්න ඕනකම තිබෙන්නේ. ඒ අනුව අපේ රටේ දල වශයෙන් ගත්තොත් එහෙම සුනඛයෝ ඉන්නවා ලක්ෂ 32කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මෙන්න මේකත් එක්ක ජනගහනයත් එක්ක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පුරවැසියෝ හතකට එක සුනඛයෙක් විතර අපේ රටේ සුනඛ ගානක් ඉන්නවා. ඒ තත්ත්වයත් එක්ක මේ රෝගය මර්දනය කිරීමට අදාළ වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි දියත් කරලා තිබෙනවා."

අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්වේ - මෙම ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්වේ - මෙම ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී සුනඛයින් වෙනුවෙන් ගෙන එන නව පනත සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.

"මේ පනත ජලභීතිකාව රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත නමින් තමයි අපි කෙටියෙන් හඳුන්වන්නේ. මේ පනතේදී විශේෂ කාරණා ක්ෂේත්‍ර හයක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ අනුව සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකාව රෝගය තුරන් කිරීම සඳහාත්, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහාත්, ජලභීතිකාවරෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලබීතිකාව රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහාත්, ජලභීතිකාව රෝගය පිළිබඳ ආඥා පනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඉවත් කිරීම සඳහාත් තමයි අපි කටයුතු කරන්නේ. ටිකෙදි මේකෙ නැති බිල්ලෙක් මවාපාන්ඩ සමහර කණ්ඩායම් කටයුතු කරලා තිබුණා අපි දැක්කා මේ බලු බද්දක් අයක කරන්න යනවා කියලා. එහෙම අවශ්‍යතාවයක් නෙමෙයි ඇත්තටම අපි දන්නවා 1848 ටොරිංටන් ආණ්ඩුකාරයා බලු බද්දක් පැනෙව්වේ මේ මේ ජලභීතිකාව රෝගය තුරන් කිරීමේ අරමුණින් නෙමෙයි ආණ්ඩුවට ආදායම් උපයා ගැනීමේ අරමුණින්. ඒකෙදි බලු බද්ද විතරක් නෙමෙයි තව බදු රාශියක් එක්ක එකතුවෙලා ඒ බද්ද ආවේ. ඒ නිසා ටොරිංටන්ගේ බලු බද්දට කිසිසේත්ම මේක සමාන වෙන්නේ නෑ කියන එක ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණු පාර්ශව වලට මම සඳහන් කරන්න කැමතියි."