හිට්ලර්ගේ ඓතිහාසික කඳුකර නිකේතනය ගින්නෙන් විනාශ වෙයි - සැකකරුවෙකුත් අත්අඩංගුවට

Report

ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඓතිහාසික කඳුකර නිකේතනයක් වන ‘ඊගල්ස් නෙස්ට්’ (Eagle’s Nest) ගින්නකට හසුව තිබේ.

ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවෙමින් තිබූ බව ගිනි නිවන නිලධාරීන් වාර්තා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු තාවකාලිකව අත්අඩංගුවට ගෙන ඇති බව ජර්මානු පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සිකුරාදා රාත්‍රී 9.52ට පමණ හදිසි සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී විශාල ගින්නක් පැතිර යමින් තිබූ බව ඉහළ බැවේරියා දකුණු පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1,834ක් පමණ ඉහළ කඳුකර ප්‍රදේශයක බැවින් ගින්න නිවා දැමීමේ කටයුතු දුෂ්කර වී තිබේ.

එහි දුරස්ථ පිහිටීම හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම්වලට ගින්න පාලනය කිරීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව පොලිස් ප්‍රකාශිකා ලීසා මයර් සඳහන් කර ඇත. සිද්ධියෙන් පසුව සැකකටයුතු පුද්ගලයෙකු තාවකාලිකව අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කර තිබේ.

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට හේතුව හෝ එම පුද්ගලයා ඊට සම්බන්ධ බවට තහවුරු වූ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.

හිට්ලර්ගේ ඉතිහාසය සමඟ බැඳුණු ස්ථානයක් ‘ඊගල්ස් නෙස්ට්’ ලෙස ප්‍රසිද්ධ මෙම ස්ථානය නාසි ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

එය ඔහුගේ දැඩි ආරක්ෂාවක් සහිත රට අභ්‍යන්තර නිවාස සංකීර්ණයේ කොටසක් වූ අතර, ඔහුගේ සහකාරිය වූ ඊවා බ්‍රවුන් සමඟ කාලය ගත කළ ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධය.

හිට්ලර් විසින් රචනා කරන ලද ‘Mein Kampf’ කෘතියේ කොටසක් ලිවීම සඳහා ද මෙම කඳුකර නිකේතනය ආශ්‍රිතව කාලය ගත කර ඇති බව වාර්තා වේ. ගින්නෙන් සිදුව ඇති හානියේ ප්‍රමාණය සහ එහි නිශ්චිත හේතුව සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

තත්ත්වය සංකීර්ණයි - ලොවම උණුසුම් කරමින් අද දවස තුළ යළිත් වතාවක් තෙල් මිල දැවැන්ත ලෙස ඉහළ යයි

තත්ත්වය සංකීර්ණයි - ලොවම උණුසුම් කරමින් අද දවස තුළ යළිත් වතාවක් තෙල් මිල දැවැන්ත ලෙස ඉහළ යයි