සමාජ මාධ්‍ය අස්සේ ආදරේ මුවාවෙන් කෙරෙන දැවැන්ත මූල්‍ය වංචාවක් - පෞද්ගලික පින්තූර අරන් තර්ජනය කරන අලුත්ම ජාවාරම මෙන්න

By Kanchana Oct 24, 2026 04:20 AM GMT
Report

අන්තර්ජාලය ඔස්සේ මිතුරු ඇසුරක්, ආදර සබඳතාවක් හෝ විවාහයක් සඳහා යෝජනා ඉදිරිපත් කරමින් පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් මෑත කාලයේදී වාර්තා වී තිබේ.

සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ ජංගම දුරකථන යෙදවුම් භාවිත කරමින් සිදුකරන මෙවැනි වංචාවලට හසුවීමෙන් බොහෝ දෙනෙකුට මූල්‍යමය මෙන්ම මානසික පීඩාවන්ටද මුහුණදීමට සිදුව ඇත.

වාර්තා වන සිද්ධීන් අතර, ලිංගික සේවා සපයන බව පවසමින් මුදල් ලබාගෙන සේවා ලබා නොදීම, ව්‍යාජ ආදර සබඳතා ගොඩනඟා මුදල් ඉල්ලා ගැනීම සහ පෞද්ගලික ඡායාරූප හෝ තොරතුරු ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර මුදල් ලබාගැනීම ප්‍රධාන වේ. මේ සඳහා Facebook, WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම විවිධ ජංගම දුරකථන යෙදවුම්ද භාවිත කරන බව හඳුනාගෙන තිබේ.

මෙවැනි වංචාවල නිරත පුද්ගලයන් ආකර්ෂණීය පණිවිඩ යැවීම, ආදරය සහ විශ්වාසය පළ කිරීම, හමුවිය හැකි ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීම සහ පෞද්ගලික දර්ශන හුවමාරු කරගැනීම වැනි ක්‍රම මඟින් වින්දිතයන්ගේ විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරති.

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

අනතුරුව හදිසි ආපදාවකට මුහුණදී ඇති බව පැවසීම, ණය මුදල් ඉල්ලීම, විවිධ අවශ්‍යතා සඳහා මුදල් ඉල්ලා සිටීම හෝ නැවත ගෙවන බවට පොරොන්දු වීම මඟින් මුදල් ලබාගැනීම සිදුකරයි. මුදල් ලබාගත් පසු සම්බන්ධතා නතර කිරීම, නැවත නැවත මුදල් ඉල්ලා සිටීම හෝ පෞද්ගලික ඡායාරූප සහ තොරතුරු ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීමද වාර්තා වන වංචනික ක්‍රම අතර වේ.

මෙවැනි වංචාවලින් ඇතිවන බලපෑම් මෙවැනි ව්‍යාජ සබඳතාවලට හසුවන පුද්ගලයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකිය.

මානසික පීඩනය

ප්‍රතික්ෂේප වීම,

රැවටීමට ලක්වීම සහ විශ්වාසය බිඳවැටීම හේතුවෙන් කලකිරීම,

ලැජ්ජාව සහ ආත්මවිශ්වාසය අඩුවීම.

පෞද්ගලිකත්වයට හානි වීම

පෞද්ගලික ඡායාරූප,

දුරකථන අංක,

නිවසේ ලිපිනය සහ වෙනත් සංවේදී තොරතුරු අනිසි ලෙස භාවිත කිරීම.

දෛනික ජීවිතයට බලපෑම්:

අධ්‍යාපනය,රැකියාව,

නින්ද සහ සැබෑ සමාජ සබඳතා කෙරෙහි අවධානය අඩුවීම. මූල්‍ය ගැටලු:

මුදල් අහිමිවීම,

ණය බර වැඩිවීම සහ ආර්ථික අපහසුතාවලට මුහුණදීම.

අන්තර්ජාල වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද?

අන්තර්ජාලය හරහා හඳුනාගන්නා පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවක් ගොඩනැඟෙන විට, එම පුද්ගලයාගේ අනන්‍යතාව සහ අවංකභාවය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. නාඳුනන පුද්ගලයන්ට මුදල්, බැංකු ගිණුම් තොරතුරු, OTP අංක හෝ මුරපද ලබා නොදෙන්න

ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ පෞද්ගලික හෝ සංවේදී ඡායාරූප හුවමාරු කිරීමෙන් වළකින්න.

විශාල මුදලක් හෝ නිතර නිතර මුදල් ඉල්ලා සිටින පුද්ගලයන් පිළිබඳව සැකයෙන් කටයුතු කරන්න.

අන්තර්ජාලයෙන් හඳුනාගත් අයෙකු හමුවන්නේ නම් ජනාකීර්ණ පොදු ස්ථානයක් තෝරාගෙන, විශ්වාසවන්ත අයෙකුට ඒ පිළිබඳව දැනුම් දෙන්න.

පෞද්ගලික ඡායාරූප හෝ තොරතුරු ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කළහොත් මුදල් ගෙවීමට ඉක්මන් නොවී,

සාක්ෂි සුරක්ෂිත කර අදාළ බලධාරීන්ගෙන් සහාය ලබාගන්න. වංචාවකට හසුවුවහොත් අදාළ ගිණුම වාර්තා කර, මුදල් ගනුදෙනුවක් සිදුවී ඇත්නම් වහාම බැංකුවට දැනුම් දෙන්න.

අන්තර්ජාලය හරහා සබඳතා ගොඩනඟා ගැනීම වරදක් නොවුණද, ඒවායේ සැබෑ ස්වභාවය හඳුනාගැනීමට බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්ය. ආදරය, විශ්වාසය සහ මිත්‍රත්වය මුවාවෙන් සිදුකරන වංචාවලින් වැළකීම සඳහා පෞද්ගලික ආරක්ෂාව, මූල්‍ය සාක්ෂරතාව සහ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කරගැනීම අත්‍යවශ්‍ය වේ.

හදිසි ප්‍රතිසංස්කරණ නිසා උඩරට මාර්ගයේ ගමන් අත්හිටුවයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

හදිසි ප්‍රතිසංස්කරණ නිසා උඩරට මාර්ගයේ ගමන් අත්හිටුවයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්