තවත් ඛේදනීය පුවතක්. - බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කළ සාම­ණේර දෙන­මක් රෝහලේ.

CID - Sri Lanka Police Sri Lanka Police Child Rehabilitation Center Child Abuse
By Wayomi Jun 11, 2024 01:05 PM GMT
Wayomi

Wayomi

Report

විහා­රා­ධි­පති හිමි­යන් විසින් බර­ප­තළ ලෙස ලිංගික අප­යෝ­ජන කළ සාම­ණේර හිමි­ව­රුන් දෙන­මක් කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන බව කෑගල්ල පොලි­සිය පෙරේදා (10) සඳහන් කළා.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


කෑගල්ල මහ රෝහලේ අංක 08 ළමා වාට්ටුවේ මෙලෙස නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටින්නේ කුලි­යා­පි­ටිය ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක වැඩ සිටි කෑගල්ල පොලිස් වසමේ මොළ­ගොඩ ප්‍රදේ­ශයේ උපන් 11 හැවි­රිදි සාම­ණේර හිමි­ව­රුන් දෙන­මක්.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


සාම­ණේර හිමි­ව­රුන් දෙනම ගෙන් එක් නම­කගේ මවු­පි­යන් ඉතා අන්ත අස­රණ බවත් මව කාල­යක සිට අස­නීප තත්ත්ව­ය­කින් පෙළෙන බවත් පොලි­සිය සඳහන් කළා.

එමෙන්ම පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, සාම­ණේර හිමි­යන්ගේ වැඩි­ම­හල් සහෝ­ද­රිය විවාහ වී ඇති බවත් විවාහ වූ තරු­ණා­යාගේ 11 හැවි­රිදි සහෝ­ද­රයා සමඟ මීට වස­ර­කට පමණ ඉහ­තදී කුලි­යා­පි­ටිය ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­ය­කදී දෙදෙනා සසුන් ගත කර ඇති බවත්ය.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.


මෙම විහා­ර­ස්ථා­නයේ වැඩ වාසය කරන තරුණ හිමි­න­මක් ඉකුත් දින කිහි­පය තුළ දී බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යක් සාම­ණේර හිමි­ව­රුන් දෙන­මට සිදු කර ඇති බවත්, පසුව හිමි­වරු දෙනම ඉවසා දරා ගත නොහැකි තැන අසල නිව­ස­කට ගොස් දුර­ක­ත­න­යෙන් මවු­පි­යන්ට සිද්ධිය සම්බ­න්ධ­යෙන් දන්වා ඇත.

අනතුරුව පියා පසුගිය (09) කුලි­යා­පි­ටිය විහා­ර­ස්ථා­න­යට ගොස් 11 හැවි­රිදි සාම­ණේර හිමි­ව­රුන් දෙදෙනා ආපසු නි‍ෙව­සට රැගෙන ඒමට ගිය අව­ස්ථා­වේදී සැක­කාර තරුණ හිමි­නම සාම­ණේර හිමි­ව­රුන් දෙන­මගේ සිවුරු ගලවා දමා පහර දීමක් සිදු කර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්..(PHOTO)

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්..(PHOTO)


ඉන් පසුව පියා 11 හැවි­රිදි සාම­ණේර හිමි­ව­රුන් දෙනම රැගෙන කෑග­ල්ලට පැමිණ කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර සාම­ණේර හිමි­ව­රුන් දෙන­මට බර­ප­තළ ලිංගික අප­යෝ­ජන සිදු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කෑගල්ල පොලි­සිය හිමි­ව­රුන් දෙන­මගේ ප්‍රකාශ ගෙන කුලි­යා­පි­ටිය පොලි­සි­යට භාර දෙන ලද බව කෑගල්ල පොලි­සිය පවසා ඇත.  

පොලිස් නිලධාරීන් ඇතුළු ඔත්තුකරුවන් 15කට රු. දෙකෝටි තිස්පන්ලක්ෂයක්.

පොලිස් නිලධාරීන් ඇතුළු ඔත්තුකරුවන් 15කට රු. දෙකෝටි තිස්පන්ලක්ෂයක්.