ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

Sri Lankan Schools Education School Children
By Wayomi Jun 11, 2024 05:05 AM GMT
Wayomi

Wayomi

Report

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, පොසොන් උත්සවය නිමිත්තෙන්.

18දී පාසල් අධ්‍යාපනය අවසන්? සා/පෙළ - උසස් පෙළ විභාග පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

18දී පාසල් අධ්‍යාපනය අවසන්? සා/පෙළ - උසස් පෙළ විභාග පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.


ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතයි.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්..(PHOTO)

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්..(PHOTO)


එම පාසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ, විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමටයි.

අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් මත එම පාසැල් මෙසේ වසා තැබෙනු ඇත.  

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%