කෙන්යාවේ නයිරෝබි නගරයේ ඉදිකරමින් පැවති 12 මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - බොහෝ පිරිසක් සිරවී ඇති බවට සැක

By Kanchana Oct 24, 2026 03:30 AM GMT
Report

 කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරයේ ඊස්ට්ලි (Eastleigh) ප්‍රදේශයේ 9 වැනි වීදියේ ඉදිකරමින් පැවති මහල් 12කින් පමණ සමන්විත ගොඩනැගිල්ලක් ඊයේ පස්වරුවේ කඩා වැටී තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ එහි සුන්බුන් අතර සිරවී සිටිය හැකි පුද්ගලයන් මුදාගැනීම සඳහා හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

සිද්ධියෙන් පසු එම ස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කිරීමට උත්සාහ කළ ප්‍රදේශවාසීන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද වාර්තා වේ.

ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ පහළ මහලේ වෙළඳසැල් කිහිපයක් ද විවෘතව පැවති බව සඳහන් වේ.

සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු BBC මාධ්‍ය වෙත වෙත පවසා ඇත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්වූ බවයි. සිකුරාදා යාඥා සඳහා ජනතාව පිටත්ව යමින් සිටි කාර්යබහුල වේලාවක මෙම අනතුර සිදුවූ බව ද ඔහු සඳහන් කර තිබේ.

“මෙය ඉතා භයානක සිදුවීමක්. එම ස්ථානයේ සිටි සියලු දෙනාම දැඩි කම්පනයට පත්ව සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, එම ස්ථානයේ සිටින ඊස්ට්ලි වෙළඳ කමිටුවේ සම්බන්ධීකාරක ඔමාර් අහමඩ් (Omar Ahmed) BBC වෙත පවසා ඇත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ල මහල් 12කින් පමණ සමන්විත වූ අතර එය නුදුරේදීම නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබූ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ පහළ මහලේ වෙළඳසැල් විවෘතව පැවති අතර, ඒවා තුළ පුද්ගලයන් ද සිටි බව ඔහු සඳහන් කර ඇත. “මවක් කෑගසමින් කලිමාව පවසන හඬ අපට ඇසුණා. කුඩා පිරිමි ළමයෙක් ‘මගේ සහෝදරයා ඇතුළේ ඉන්නවා’ කියා කෑගසමින් සිටියා,” යැයි ඔමාර් අහමඩ් පැවසීය.

ගොඩනැගිල්ලේ විවිධ කොටස් පරීක්ෂා කරමින් එහි පදිංචියට යාමට සැලසුම් කරමින් සිටි පිරිසක් ද අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදුවූ සමස්ත හානිය සහ ජීවිත හානි පිළිබඳ නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. හදිසි ආපදා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් එම ස්ථානයේ මෙහෙයුම් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

වාහන පදින හැමෝටම 2027 ඉඳන් අලුත් නීතියක් -වාහන හිමියන්ට එන අලුත්ම පරීක්ෂණය මෙන්න

වාහන පදින හැමෝටම 2027 ඉඳන් අලුත් නීතියක් -වාහන හිමියන්ට එන අලුත්ම පරීක්ෂණය මෙන්න