"මාකදුරේ මදූෂ්ට අත්වූ ඉරණම මගේ දරුවාටත් කරන්න එපා." හරක්කටා සමඟ ඇල්ලූ කුඩු සළිදුගේ මවගේ අදෝනාව. (VIDEO)
හරක්කටා නමින් ප්‍රකට පාතාල කල්ලි නායකයා සමඟ කුඩු සළිදු නමැති පුද්ගලයෙක්ද මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අද ඔවුන් මෙරටට රැගෙන ආවා.
කෙසේ වෙතත් කුඩු සළිදුගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
ඇය පවසා ඇත්තේ, සිය දරුවාටද මාකදුරේ මධූෂ්ට අත් වූ ඉරණම මෙන් ඉරණමක් අත්කර දීමේ සැලසුමක් ඇති බව ඇයට දැනගන්නට ඇති බවයි.
ඒ අනුව ඇය ඉල්ලා සිටින්නේ, නීත්‍යනුකූලව ඕනෑම දඬුවමක් තම දරුවට ලබාදෙන ලෙසත්, නීතියෙන් පිට දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත්ය.
එමෙන්ම එම මව සඳහන් කරන්නේ, තම දරුවා නොහොත් කුඩු සළිදු අපොස සාමාන්‍යපෙළ විභාගය D සම්මාන හයක්ද සමගින් සමත් වූ දක්ෂ දරුවෙක් බවත් නරක ඇසුර නිසා ඒ දරුවා නොමග ගිය බවත්ය.
මේ අතර ඇය චෝදනා කරන්නේ, කුඩු සළිදු අන්වර්ථ නාමය දරුවාට ලබා දුන්නේ පොලිසිය බවයි.
පොලිසියට විරුද්ධව හඬ නගන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
