ප්‍රවීණ ගායන ශිල්පියෙක් අදත් දැයෙන් සමුගනී.!!!

Cinema Lead Sri Lankan Actress Actress
By Aruna May 18, 2023 04:43 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට  87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

අවුරුදු එක හමාරක පමණ කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර අද දින (18)උදෑසන කාලයේ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා... මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩවෙලා...

යන එතුමන්ගේ ජනප්‍රිය ගීතයන් ප්‍රේක්ෂක හදවත් වැළඳ ගන්න සමත් විය.

දශක හයකටත් වඩා වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ඒ සොඳුරු ගායකයා ක්‍රිස්ටෝපර් පෝල්, මේ ගීතයට අමතරව,

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා..

රුවන් තොරණ තනා රන් තැඹිලි පොකුරු ගසා..

ඇළ දොළ ගංගා යාවි ගලා..

උදේ ගෙදර පුංචි යුද්ධයක්..

වැනි අතිශය ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා.

ජීවන ගමනේ අසූතුන්වැනි විය ලබන තෙක්ම තරුණයකු සේ ජව සම්පන්නව රූපවාහිනියේ, ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනු ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් ඉකුත් වසර කිහිපයේ කිසිම මාධ්‍යයක් තුළින් අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

ඒ ඔහු රෝගාතුරව වී එක්තැන්ව සිටීම නිසයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery