කොවිඩ් විකෘති ප්‍රභේදයක් කොළඹින්

Covid-19
By Thaya Feb 15, 2021 06:41 PM GMT
Thaya

Thaya

Report

කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. ඒ අනුව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පෙන්වා දෙන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවය. "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා තුළින් කොවිඩ් -19 වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. නමුත් මහජනතාව ප්‍රවේසම් නොවුනොත් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර සිටියහොත්, අපිට 3වන රැල්ලක් ඇතිවීම වළක්වන්න අමාරු වෙන්න පුළුවන්