පන්නිපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..

Police Kottawa Pannipitiya Blas
By Aruna Nov 25, 2021 07:09 AM GMT
Aruna

Aruna

Report

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

කොට්ටාව පොලීසිය පැවසුවේ, අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවය.

පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළාය. "පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා.

එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ.

බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ.

සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා.

හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ." මෙම මාසයේ දී ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වුණි.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය. පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද පිපිරීමක් සි

දුවූ අතර එය ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වුණි.

කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now