අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට.. රටම කම්පා කරමින් මරණ දඬුවම හිමි වූ අනෝජන්ට විශේෂ නිලධාරියෙක් - නලින්ද
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවත් ය.
එසේම අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමඟ සාකච්ඡා කිහිපයක් සිදු කර ඇති බවයි.
සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
තවද සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත් වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බව ද නලින්ද ජයතිස්ස මහතා අනාවරණ කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් සෞදියේ පවතින නීතිය ප්‍රකාරව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්