වසර 38ක් සේවය කර රටේම ආදරේ දිනූ ඔහු වෙනුවෙන් පොලිස්පති කළ දේ මෙන්න - විශේෂ හමුවක්

Report

ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ආරම්භ කර වසර 38ක වෘත්තීය දිවියක් නිම කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ, ආචාර්ය අජිත් රෝහණ පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සඳහා සුබපැතුම් එක්කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ හමුවක් පවත්වා තිබෙන අතර, ඊට අජිත් රෝහණ තම පවුලේ සාමාජිකයන් සමග සහභාගී වී ඇති බව සඳහන්.

සීතාවක කොස්ගම කනම්පැල්ලේ උපත ලැබූ අජිත් රෝහණ මහතා, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1988 මාර්තු 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් පොලිස් සේවයට එක්ව ඇත.

පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - හෙට 7 සිට වලංගුයි

පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - හෙට 7 සිට වලංගුයි

ආධුනික සමයේදීම වදුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඔහු, පසුව සුඩාන් සහ හයිටි රාජ්‍යයන්හි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ද දායක වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දී ඇත.

එමෙන්ම සේවය කරන අතරතුර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් මෙන්ම විවිධ උසස් තනතුරු දරමින් කටයුතු කර ඇත.

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery