තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දී කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද පස්වරු 3ට විවෘත කරයි

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හමුවේ, ජලාශයේ ආරක්ෂාව සහ පහළ ප්‍රදේශවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා එහි වාන් දොරටු ක්‍රමානුකූලව විවෘත කිරීමට මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (03) පස්වරු 3.00 සිට ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව විවෘත කිරීම ආරම්භ කෙරුණු අතර, එමඟින් තත්ත්පරයකට ඝන අඩි 250ක පමණ සීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට අපේක්ෂිතය.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

මේ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ පිහිටි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර මෙන්ම මහවැලි ගඟ ආශ්‍රිත උලපනේ, ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි