කළු ගඟ පිටාර මට්ටමට - රත්නපුරයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට හදිසි ගංවතුර අනතුරු ඇඟවීමක්
By Kanchana
කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම නිවේදනයට අනුව, කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්විය හැකිය.
අවදානමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ: පැල්මඩුල්ල නිවිතිගල රත්නපුර කුරුවිට අයගම ඇලපාත මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටී.
ඒ වගේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දන්වා තිබේ