කේරළයටත් දරුණු වැසි ආපදා තත්වයක් - මරණ 15ක් සහ 7 දෙනෙකු අතුරුදන්

By Malith Madushan Aug 03, 2026 10:12 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

කේරළ මහ ඇමති වී.ඩී. සතිසන් සඳහන් කළේ, ආපදා තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

කොට්ටයම් දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඉන් දෙදෙනෙකු පූන්ජාර් මැතිවරණ කොට්ඨාසයෙන් වන අතර තවත් එක් දරුවෙකු ජල ටැංකියකට වැටීමෙන් මියගොස් තිබේ.

රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් - කිලෝමීටර 10ක් ගැඹුරින් මහපොළව දෙදරයි

රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් - කිලෝමීටර 10ක් ගැඹුරින් මහපොළව දෙදරයි

එර්ණාකුලම් දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් වාර්තා වී ඇති අතර, ඉඩුක්කි සහ මූවට්ටුපුළා ප්‍රදේශවලින් එක් මරණය බැගින් වාර්තා වී ඇත.

එමෙන්ම කොල්ලම් දිස්ත්‍රික්කයෙන් මරණ 2ක්, මලප්පුරම් දිස්ත්‍රික්කයෙන් මරණ 4ක්, කන්නූර් සහ කොලිකෝඩ් යන දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් වාර්තා වී තිබේ.

අතුරුදන්ව සිටින පුද්ගලයින් 7 දෙනා අතරින් දෙදෙනෙකු කොල්ලම් ප්‍රදේශයෙන්ද, දෙදෙනෙකු කන්නූර් ප්‍රදේශයෙන්ද, එක් අයෙකු මලප්පුරම් ප්‍රදේශයෙන්ද, එක් අයෙකු ඉඩුක්කි සහ එක් අයෙකු මූවට්ටුපුළා ප්‍රදේශයෙන්ද වන බව මහ ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර, වැසි සහ ගංවතුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 11,018 දෙනෙකු සඳහා ප්‍රාන්තය පුරා සහන කඳවුරු 316ක් ක්‍රියාත්මක බවද සඳහන් කර තිබේ.

ගංවතුරේ සැඩ පහරට හසුවූ පුද්ගලයා ගසකට නැඟ දිවි බේරා ගනී - මහාරාෂ්ට්‍රයේ ප්‍රන්තයේ මුදාගැනීමේ මෙහෙයුමක් ]

ගංවතුරේ සැඩ පහරට හසුවූ පුද්ගලයා ගසකට නැඟ දිවි බේරා ගනී - මහාරාෂ්ට්‍රයේ ප්‍රන්තයේ මුදාගැනීමේ මෙහෙයුමක් ]

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත්තේ අගෝස්තු 3 සහ 6 යන දිනවල කේරළයට තද වැසි සමඟ පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අගෝස්තු 2 සහ 3 යන දිනවල කේරළ-කර්ණාටක-ලක්ෂද්වීප වෙරළ තීරයේ මුහුද රළු වීමේ අවදානමක් පවතින බැවින් ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවරයින්ට උපදෙස් ලබා දී තිබේ.

ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය විසින් උතුරු කේරළ වෙරළ තීරයේ මීටර් 2.7ත් 3.5ත් අතර උසින් යුත් රළ ඇතිවීමේ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා ඇති අතර, වෙරළබඩ ජනතාව සහ ධීවරයින් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...