මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපියක් ගැන රජීව් අමරසූරිය රටටම එළි කරයි

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා හෙළි කර ඇත්තේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බවයි.

ඒ අනුව ඔහු මේ බව කියා ඇත්තේ අද (03) දින මල්වතු පාර්ශ්වයේ මහානාහිමි බැහැදැකීමෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ,

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

''මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. ඇත්තටම මොහොතකට පෙර මල්වතු නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයි කියලා.''

ඒ අනුව, අධිකරණ ක්ෂේත්‍රයේ අභිමානය සහ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම සලකා බලමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස මහා නායක හිමිවරුන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් විනිසුරු මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය ඇතුළු විවිධ පාර්ශ්වයන් අතර දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම පියවර ගෙන ඇති බවත් සඳහන්.

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න