තෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය ගැන දිවයිනටම දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට තීරණය කර ඇති බව වාර්තා වේ.
ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තෙවන කාර්තුව සදහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් පසුව කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සියලු ගැළපීම් කිරීමෙන් පසු 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සදහා වන පිරිවැය ඉහළ යාම සියයට 0.3 කට (රුපියල් මිලියන417කට) සීමා වී ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.
එබැවින් තුන්වන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුළ දී ද බලාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
එමෙන්ම විදුලි ගාස්තු අයක්‍රම ක්‍රමවේදය අනුව මේ වසරේ මුල් කාර්තුවේ ආදායම් අතිරික්තය හෝ හිඟය තෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත පිරිවැයට ගැළපිය යුතු වේ.