කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන ගත් විශේෂ කැබිනට් තීරණය.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Gagana Apr 09, 2024 09:56 AM GMT
Gagana

Gagana

Report

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින් ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍ය වේදය හැදෑරීම සඳහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

.................................................................................

May you Like