ශ්‍රී ලාංකිකයෙකු 17 හැවිරිදි කොරියානු තරුණියකට කළ වැඩකින් ප්‍රථම වරට සිදුවූ දේ.

Sri Lanka Korean young girl
By Aruna Nov 11, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

විදේශයක කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව මීට වසර විසිතුනකට ඉහත කොරියාවේදී එරට 17 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකික විත්තිකරුවකුට එරෙහි ගොනුකර තිබෙන නඩුවක් ඊයේ (10 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ විභාග කිරීම ආරම්භ විය.

ශ්‍රී ලාංකික පුරවැසියකු විදේශ භූමියකදී සිදුකළ අපරාධයක් පිළිබඳ චෝදනාවකට එරෙහිව මෙරටදී නඩු පැවැරුණු ප්‍රථම අවස්ථාව මෙය බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාඩීන් ඉදිරියේ මෙම නඩු විභාග පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha