මාලිමාව අයවැය පරදී

Report

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පසු ගිය පලාත් පාලන මැතිවර‍ණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුනද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන ලදී.

මේ පැති වලට පැය 12ක් වතුර කපයි

මේ පැති වලට පැය 12ක් වතුර කපයි

අද පෙරවරුවේදී කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම සිදු විය. පසුව අදාල අයවැය සදහා සවස ඡන්දය විමසීම සිදු කල අතර එහිදී අය වැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් සමත් විය.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත් වී ඇත.

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්