කොල්ලුපිටිය කැළඹූ වෙඩිල්ලේ සැකකරු අත්අඩංගුවට - වෙඩි තියපු හේතුවත් හෙළි වෙයි
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) දින අලුයම සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබුණේ පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි.
එම වෙඩි තැබීමෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටියා.
එසේම අඳාළ කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන අතර, පිරිමි පුද්ගලයා අවුරුදු 42 ක් වයසැති අයෙක් බව සඳහන්.