කොල්ලුපිටියේ මහල් නිවාස සංකීර්ණයක වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් රෝහලට

Report

කොල්ලුපිටිය, 6 වන පටුමගෙහි පිහිටි 'පාම් කෝට්' මහල් නිවාස සංකීර්ණයේදී අද (04) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොල්ලුපිටිය පොලීසිය විසින් වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සමඟ වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන ජීව උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

තුවාල ලබා ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි යුවළකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ කාන්තාව සැකකරු සමඟ කාලයක සිට සමීප සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්

තවද, පෙරේදා (03) රාත්‍රී කාලයේදී මෙම කාන්තාව විසින් වෙනත් තරුණියක ද සැකකරුගේ නිවස වෙත කැඳවාගෙන ඇවිත් ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවි සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.