ඩොලර් හොයන්න ගෙනා රාගා..ඇමතිවරුන්ගෙන්ම අරඹයි..(PHOTOS)

By Sewvandhi Dec 15, 2021 04:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්‍රි’ දේශීය පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ විවෘත කළේය.

“සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන විදේශ වෙළෙඳපොළට ගෙනයා හැකි ධෛර්ය සහිත නිෂ්පාදනවලින් මේ රට පිරෙන විට රටට විදේශීය විනිමය ගැන මැසිවිළි නැගීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත ‘රාගා’ නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට මහත් පිටුවහලක් වනුඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery