සරුංගල් යැවීම සම්බන්ධයෙන් මෙරටින් තහනමක්..
Sri Lanka Airport
Sri Lanka
By krishani
මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා.
ඒ ගුවන්තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර 5ක සීමාවක් තුළ අඩි 300ක් ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සම්බන්ධයෙන් ය.
ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම සඳහන් කළේ ඒ හේතුවෙන් ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවන අතර එය දැඩි ජීවිත හා දේපළ අවදානමක් ගෙන දෙන කරුණක් බවයි.
එමෙන්ම මෙම කරුණ කිසියම් පුද්ගලයකු නොසලකා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ දැඩි දඬුවම් ලබා දිය හැකි වරදක් වේ.
