කිංස්ලි පීරිස්ගේ පුතා මියගිය සහෝදරිය සිහි කරලා පිළිකා රෝහලට කොණ්ඩය දන් දෙයි, මුහුණු පොතේ හුවමාරු වෙන සංවේදී සටහන(PHOTOS)

CANCER MAHARAGAMA GOSSIP KINSLI PIRIS APEKSHA HOSPITAL
By Sewvandhi Dec 06, 2021 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිංස්ලි පීරිස්ගේ පුතා ඔහුගේ මියගිය සහෝදරිය සිහි කරලා පිළිකා රෝහලට කොණ්ඩය දන් දී තිබෙනවා. ඒ දෙවැනි අවස්ථාව ඔහු තම නැගණිය වෙනුවෙන් හිසකෙස් දන් දීම.

"නංගි යන්නම යන්න ගිය දා අම්මා, තාත්තාට පේන්න ඔයා එක කඳුළක් වැට්ටුවෙ නැහැ. පැය ගානක් කාමරේට වෙලා හිටපු ඔයා එළියට එන්නේ රතු කරගත්ත ඇස්වලින්..ඒ ඇස් අපෙනුත් හංගගන්නයි ඔයා උත්සාහ කලේ..කටින් නොකීවත් ඔයාගේ දුක, ආදරේ ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පච්චයක් කරගෙන. පිළිකා ලෙඩ්ඩු වෙනුවෙන් ඔයා කොණ්ඩෙ දන් දුන්න දෙවෙනි වතාව මේ..ඔයා වගේ අයියෙක් ලබන්න නංගි පිං කරලා තියෙනවා.අද සමාජේ හැටියට ඔයා හරිම විරළ දරුවෙක්.. අපි ඔයාට ආදරෙත් ඒකමයි..." යනුවෙන් ඔහුගේ හිතවත් කෙනෙකු මුහුණු පොතට සටහනක් එකතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery