"හීනෙන්වත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා නම්.." - මවගේ අනියම් පෙම නිසා පුතුට සිදුවුණ දේ..
අනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප්‍රදේශයේ දී තරුණයෙක් බලහත්කාරයෙන් පැහැරගෙන තිබෙනවා.
ඒ එම මාර්ගයේ ගමන් කළ බස් රථයක මඟ හරස්කර නතර කරවමින් ය.
මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයකු වන අතර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රුපියල් 10,000ක මුදලක් ද කොල්ල කෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ය.
එම විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණයාගේ මව වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
පොලිසිය සඳහන් කළේ මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තරුණයා සැකකරුවන්ගෙන් මිදී පසුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබූ බවයි.
පොලිසිය සිදුකළ විමර්ශනවල දී තරුණයා පැහැර ගෙන ගොස් ඇත්තේ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා බවට අනාවරණය වී ඇත.
එයට හේතුව වී ඇත්තේ එම තරුණයාගේ මව සැකකරු මඟහැර ගොස් සැඟව සිටීම වන අතර එයට පළිගැනීමක් ලෙස මෙම තරුණයා පැහැර ගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සොයා අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
