පළාතක්ම කැළඹෙයි - දියණියව විසික් කර පිරිසක් කාන්තාවක්ව පාලු ළිඳකට දාලා - බේර ගන්න යද්දි ළිදේ තවත් මළ සිරුරක්

Report

මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරා ගැනීමට සමත්ව ඇත.

මේ අතර එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වේ. අඳාළ පොදු ළිඳ තුළින් කාන්තාවගේ විලාප හඬක් ඇසී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අදාළ කාන්තාව දියේ ගිලෙමින් සිට ඇති බවත් පවසයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඇයව බේරාගෙන ඇති අතර ප්‍රතිකාර වෙනුවෙන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අඳාළ කාන්තාව කොත්තියාපුලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුරුගමූර්ති රනුජා නම් අයෙකු බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත.

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊයේ ඇය සිය දියණිය සමඟ යමින් සිටියදී පිරිසක් විසින් ඇයව පැහැරගෙන ඇති අතර ඇයගේ දියණියව විසි කර දමා, රනුජාට පහර දී මෙම ළිඳට දමා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. එසේම ඇය විසින් ලබාදුන් තොරතුරු මත එම ළිඳේම තිබී තවත් මළසිරුරක් සොයා ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පොලීසිය සැක පළ කරන්නේ සොයා ගත් මෙම මළසිරුර ඉකුත් මාසයේ වෙල්ලාවෙලි පොලිස් බලප්‍රදේශයේ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවකගේ විය හැකි බව‍යි.

ඉරට්ටපෙරියකුලම කම්පා වෙයි - සුසාන භූමියක නාඳුනන පුද්ගල මළ සිරුරක්

ඉරට්ටපෙරියකුලම කම්පා වෙයි - සුසාන භූමියක නාඳුනන පුද්ගල මළ සිරුරක්

මේ අතර සිද්ධිය වූ ස්ථානයේ තිබූ පාවහන් මඟින් ඥාතීන් ඇයව හඳුනාගෙන ඇති නමුත්, විධිමත් මරණ පරීක්ෂණයකින් සහ DNA පරීක්ෂණයකින් අනතුරුව අනන්‍යතාව තහවුරු කරන බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි