ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට
ශ්‍රී ලංකාව මඟින් සිවිල් යුද්ධයේ මුල් වසරවලදී ඊශ්‍රායල හමුදා ආධාර ඉල්ලා සිටි අතර දේශපාලන අරමුණු වෙනුවෙන් මූල්‍ය ආධාර පවා ගවේෂණය කළ බව ද වයර් (The Wire) නම් පුවත්පතේ අලුතින් රහස්‍යකරණය කරන ලද ලේඛනවලට අනුව වාර්තා කර ඇති බව සඳහන්.
ඒ අනුව 1984 දී කොළඹ ඊශ්‍රායල අවශ්‍යතා අංශයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව එකඟ වූ බව එම වාර්තාවේ දැක්වෙන අතර එවකට “දෙමළ ත්‍රස්තවාදී ගැටලුව” වශයෙන් විස්තර කරන ලද දෙයට විසඳුම් සෙවීමට ද උදව් ඉල්ලා සිටි බව දැක්වේ.
තවද එම පුවත්පතට අනුව, ඊශ්‍රායල වාර්තාවලින් පෙනී යන්නේ 1980 ගණන්වල මැද භාගය වන විට, ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට මුර සංචාර බෝට්ටු, ආයුධ, සන්නිවේදන පද්ධති සහ ආරක්ෂක හමුදා සඳහා පුහුණුව ඇතුළු හමුදා උපකරණ සපයා තිබෙන බවයි.
ඊශ්‍රායල උපදේශකයින් ද රට තුළ යොදවා තිබෙන අතර, ඇතැම් විට ඔවුන් “කෘෂිකාර්මික උපදේශකයින්” ලෙස රහසිගතව ක්‍රියාත්මක වූ බව දැක්වේ. මේ අතර ගැටුම අතරතුර සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මතු වී ඇති කනස්සල්ල ද්ග නොතකා, ඊශ්‍රායලය ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් සහ විශේෂ කාර්ය සාධක බලකායට (STF) අනුයුක්ත පුද්ගලයින් ඇතුළු ප්‍රභූ පොලිස් ඒකකවල සාමාජිකයින් පුහුණු කළ බව එම ලේඛනවලින් තවදුරටත් අනාවරණය වී ඇත.
එමෙන්ම කැපී පෙනෙන හෙළිදරව්වකදී, The Wire පුවත්පත වාර්තා කළේ එවකට ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන ද ඊශ්‍රායල නියෝජිතයින්ගෙන් මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවයි.
මෙම වාර්තාවේ උපුටා දක්වා ඇති රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩයකට අනුව, ජයවර්ධන තම මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම වෙනුවෙන් ඩොලර් මිලියන 1 ක් ඉල්ලා සිටි අතර, එයින් ඔහු බලයේ රැඳී සිටියහොත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ඊශ්‍රායලයේ සහය ලැබෙන බව ඇඟවේ.
එසේ වුවද එවැනි මූල්‍ය ආධාර අවසානයේ ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් අඳාළ ලේඛන මඟින් කරුණු තහවුරු නොකෙරෙන බව ද වාර්තා වේ.
එමෙන්ම සිවිල් වැසියන් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම් සහ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද අපයෝජනයන් ඇතුළු ශ්‍රී ලංකාවේ ඒ කාලයේ නරක අතට හැරෙමින් තිබූ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් දැන සිටි බව ද අඳාළ වාර්තාව හෙළි කරයි.
එසේ තිබියදීත්, හමුදා සහයෝගීතාවය දිගටම පැවතුණ බව සඳහන්.
එමෙන්ම ආධාර පුළුල් කරන ලද විට පවා, ගැටුමට තනිකරම මිලිටරි විසඳුමක ඵලදායීතාවය පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් විසින්ම සැක පළ කර ඇති බව ද වයර් පුවත්පත සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම හෙළිදරව් කිරීම් පදනම් වී ඇත්තේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ලිපිගොනු මත වන අතර ඒවා මෑතකදී ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධ කර තිබෙන බව වාර්තා වේ.
තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්