කාන්තාවක් විසින් තරුණයෙන් පැහැරගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් කරපු දෙයක්..අවසානෙදි සියලු දේ මාට්ටු වෙයි.

Report

යාපනයේ තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 80ක මුදලක් කොල්ලකරුවන්ගේ ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලුව සැකකරුවන් හතර දෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ රටක සේවයට යාමේ අපේක්ෂාවෙන් සිට ඇති අතර එහිදී ඔහුට එක් කාන්තාවක් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කිරීමට හැකිනම් යුරෝපා රටක රැකියාවක් සදහා සති දෙකක කාලයකින් යා හැකි බවයි.

බිත්තර සහ කුකුල් මස් මිල ගණන් පහළ බසී..නිෂ්පාදකයින්ට රතු එළියක්..

බිත්තර සහ කුකුල් මස් මිල ගණන් පහළ බසී..නිෂ්පාදකයින්ට රතු එළියක්..


තරුණයා එහිදී තමන් සතුව මුදල් ඇති බව ප්‍රකාශ කළත් කාන්තාවට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

දින කීපයකට පසුව කාන්තාව හා තවත් තුන් දෙනෙකු සමග මෝටර් රථයකින් තරුණයාගේ නිවසට ගොස් ඔහුව පැහැර ගෙන ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් කාන්තාවගේ ගිණුමට බලහත්කාරයෙන් බැර කරගෙන ඇති බව සඳහන්.

පසුව එම තරුණයාව යාපනයේ කෝපායී ප්‍රදේශයේ පාලු ප්‍රදේශකට ගෙන ගොස් අතහැර දමා මුදල් මංකොල්ලකෑ පිරිස පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට සිදු වූ දේ..ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට සිදු වූ දේ..ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.


මේ පිළිබදව යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කීරීමෙන් පසුව කාන්තාව හා අදාල සැකකරුවන් තුන් දෙනාද තරුණයා පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථයද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May Like This Video