කැලණිවැලි දුම්රිය මාර්ගයේ යන අයට මෙන්න දැනුම්දීමක්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ බී දාබරේ මාවතේ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර, සැතපුම් 03 දම්වැල් 33 ස්ථානයේ පිහිටි බී දාබරේ මාවතේ (නාරාහේන්පිට දුම්රිය ස්ථානය අසල) දුම්රිය හරස් මාර්ගය අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා තැබීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි, මෙම හරස් මාර්ගය 2025 සැප්තැම්බර් 24 වන දින (අද) පස්වරු 8:00 සිට 2025 සැප්තැම්බර් 25 වන දින පෙරවරු 5:00 දක්වා සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය සඳහා වසා තැබේ. මෙම කාලය තුළ එම මාර්ගය හරහා වාහන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
මෙම වැසීම හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය සහ අපහසුතා අවම කර ගැනීම සඳහා, රියදුරන්ට සහ ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. මෙම නඩත්තු කටයුතු මාර්ගයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව, මෙම කාලසීමාව තුළ බී දාබරේ මාවත භාවිතා කිරීමට සැලසුම් කර ඇති රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, එම ප්‍රදේශයේ ගමනාගමන තදබදයෙන් වැළකීමට සුදුසු විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙසයි. මෙම තාවකාලික වැසීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සමඟ, දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරයි.